SASIP INSTITUTE

අපි ගැන

උසස් පෙළ භෞතික විද්‍යාව සඳහා උපකාරක ගුරුවරයෙක් ලෙස මාගේ ගමන් මග ආරම්භ වන්නේ 1997 වසරේදී. කාලයත් සමග මුහුණ දෙන අවස්ථාවන් නිසා හිතේ උපදින දැඩි උවමනාවක් පසුපස අඛණ්ඩ කැපවීමකින් හා ධෛර්යයෙන් යුතුව ලබාගන්නා උත්සාහයේ ප්‍රතිඵලය ලෙස සැසිප් ආයතනය නිර්මාණය වෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් උපරිම පහසුකම් හා වඩා හොඳ වටපිටාවක් සහිතව දක්ෂ ගුරුවරුන් පිරිසක් සහභාගී කරගනිමින් ප්‍රශස්ථ සේවාවක් ලබාදීම ප්‍රධාන අරමුණු වනවා. ආයතනය තුල අංක 1 ලෙස සිසුන්ගේ විනය පවත්වා ගැනීමටත් නැවතත් අංක 1 ලෙස වඩා හොඳ අධ්‍යාපනයක් ලබාදීමටත් නිරන්තර සහයෝගයක් ලබාදෙන අප කාර්ය මණ්ඩලය සහ ගුරු මණ්ඩලය වෙත මාගේ හෘදයාංගම ස්තුතිය පලකරනවා. අප හා එක්ව යන මේ කෙටි ගමන තුල නොදැනුවත් ව හෝ ඔබේ සිත් රිදවීමක් සිදුවුනා නම් අපට සමාවන්න. අපගේ අඩුපාඩු පෙන්වා දෙන්න. ඔබගේ යෝජනාවන් අපට කියන්න.

ස්තූතියි.
මම අමිත් පුස්සැල්ල.
කළමනාකාර අධ්‍යක්ෂ සහ නිර්මාතෘ
සැසිප් අධ්‍යාපන ආයතනය



දැක්ම සහ මෙහෙවර

දැක්ම

යහපත් බුද්ධිමත් සමාජයක්.


මෙහෙවර

විධිමත් හා යාවත්කාලීන ප්‍රායෝගික අධ්‍යාපනයක් තුළින්
සෑම ක්‍ෂේත්‍රයකම හොඳ විනයගරුක හා යහපත්
මිනිසුන්ගෙන් යුත් පරම්පරාවක්
නිර්මාණය කිරීම




ඇමතුම් විස්තර


දුරකථන අංක

0723 825 193

0112 825 193

නිල වෙබ් අඩවිය

www.sasip.lk

සැසිප් දුරස්ථ ඉගෙනුම් වෙබ් අඩවිය

www.sasipinstitute.com

E-තැපෑල

sasip.physics@gmail.com

ලිපිනය

සැසිප් ආයතනය

282/7, හයිලෙවල් පාර,

නුගේගොඩ,

ශ්‍රී ලංකාව

තැපැල් කේතය

10250

පළාත

බස්නාහිර

දිස්ත්‍රික්කය

කොළඹ

නගරය

නුගේගොඩ



ස්ථානය








සැසිප් ආයතනයට පැමිණෙන ඔබගේ දරුවාට සම්පූර්ණ අධ්‍යාපනයක් පමණක් නොව, දැඩි විනයවත් පරිසරයක් යටතේ හා නිදහස්ව තම අධ්‍යාපන කටයුතු සිදුකිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකසා ඇත්තෙමු. ඒ යටතේ.


දේශන ශාලා, Lobby Area අවන්හල්, Front Office පරිශ්‍රය ඇතුලු සමස්ත ආයතනයම විවෘතව පවතින කාලය පුරාවට CCTV කැමරා පද්ධතියක් මඟින් ආවරණය කරන අතර, සියලුම ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරනු ලබයි.

සෑම දරුවෙකුහටම ආයතනයට බැඳෙන විට විනය නීති පද්ධතියකට අනුව කටයුතු කිරීමට එකඟවීම සිදුවන අතර, ඒවාට අනුකූලව ක්‍රියාකරන්නේදැයි නිරීක්ෂණය කරනු ලබයි.

පන්තිය අවසන් වීමට ප්‍රථම කිසිදු හේතුවක් මත ආයතනයේ පිටත යාමට සිසුනට අවසර නොලැබෙන අතර, අසනීපයක් වැනි හදිසි අවස්ථාවකදී ආයතනය මඟින් නිවසට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් හෝ අදාළ ගුරුවරයාගේ විශේෂ අවසරය මත පමණක් අවස්ථාව ලැබෙන බැවින් සෑම විටකදීම දරුවාට ආරක්ෂිතව අධ්‍යාපන කටයුතු නියැලීමට හැකිවේ.

Barcode හැඳුනම්පතක් හරහා සෑම දරුවෙකු හටම අනන්‍යතා අංකයක් අතර එය පරිගණකගත කෙරේ. ඒ තුළ දරුවා සහ දෙමව්පියන් විසින් ආයතනයට ලබාදෙන සියලු තොරතුරු ඇතුළත්ව ඇති බැවින්, හදිසි අවස්ථාවකදී මෙන්ම දරුවා පිළිබඳ විමසීමක් කළයුතු විටකදි කටයුතු කිරීම වඩාත් පහසු සහ ආරක්ෂිත වන නිසා බාහිර පුද්ගලයන් අතට දරුවාගේ තොරතුරු ගලායාම වළකී.

ආයතනයේ දේශක මණ්ඩලය වෙනුවෙන් දිවයිනේ කීර්තිමත් සහ අත්දැකීම් බහුල ගුරුවරුන් කණ්ඩායමක් කටයුතු කරන බැවින් ඒ සම්බන්ධයෙන් දෙමාපියන්ට මෙන්ම දරුවාටද පූර්ණ විශ්වාසයකින් කටයුතු කිරීමට අවස්ථාවක් ලැබේ.

ආයතනය තුළ ඉඩකඩ සහිත ක්‍රමවත් පිරිසිදු අවන්හල්, සනීපාරක්ෂක පහසුකම් සහ මූලික ප්‍රථමාධාර සේවාවක් පවතින බැවින් දරුවන් හට ආයතනයෙන් පිටතට යාමට අවශ්‍යතාවයක් පැන නොනඟී.

මනා පුහුණුවක් සහිත විනයවත් කාර්ය මඬුල්ලක් ආයතනය තුළ ස්ථාපිතව සිටින අතර, ඔවුන් සෑම විටම තම නිල ඇඳුම හා හැදුනුම්පත සහිතව රාජකාරියේ යෙදී සිටී. දරුවා පිළිබඳව මතුවන ඕනෑම ගැට`ඵවක් සුහදව කතා කර විසඳාගත හැකි මෙහෙයුම් කාර්යාලයක් හා කාරුණික කාර්ය මණ්ඩලයක් සේවයේ යෙදී සිටී

කිසිදු බාහිර පුද්ගලයෙකු හට දේශන ශාලා පරිශ්‍රවලට ඇතු`ඵවීමට අවසර නොලැබෙන බැවින් දරුවාට නිදහසේ සහ ආරක්ෂිතව අධ්‍යාපන කටයුතුවල නිරතවීමේ හැකියාට තිබේ.