SASIP INSTITUTE
Amith Pussella-Physics-2023-Revision ගොඩදාන පන්තිය (CAP) තෝරාගැනීම
සහ ගාස්තු ගෙවීම
- LOG IN (ලියාපදිංචි වූ අය) තෝරාගන්න.
- ලියාපදිංචි වූ මොබයිල් අංකය සහ Password එක ලබාදී Log In වන්න.
- කොළ පැහැයෙන් ඇති “නව පාඨමාලා සෙවීම/මුදල් ගෙවීම” තෝරාගන්න.
- ඔබට අවශ්‍ය විභාග ව ර් ෂ ය, විෂයය හා ගුරුවරයා තෝරාගෙන SEARCH කරන්න.
-
Search කිරීමට අදාලව ලැබෙන පන්ති එක් එක් කොටුවල පහළට load වේ.
වෙබ් අඩවියේ මෙම පන්තියේ නම ඇති ආකාරය
Amith Pussella-Physics-2023-Revision ගොඩදාන පන්තිය (CAP)
පන්තිය තෝරාගෙන View click කරන්න.
එකම ගුරුවරයාගේ නමින් එකම විභාග ව ර් ෂ ය සඳහා ඇතැම් විට පන්ති කිහිපයක් පවතී.එමනිසා අවශ්‍ය නිවැරදි පන්තිය තෝරාගැනීමට load වෙන පන්ති මොනවාදැයි හොඳින් බලන්න. මෙහිදී ඔබට සහය අවශ්‍ය නම් 0721 825 124 ට ඇමතුමක් ලබාදෙන්න. -
View කළ පසු ඊලඟ පිටුවේ CAP පන්තිය පිළිබඳ විස්තරයක් ලබාදේ. එහි පහළට
ගොස් එම පන්තිය සඳහා මුදල් ගෙවන වසර සහ මාසය තෝරාගන්න.
පහළ මාසයට අදාල පාඩම් මොනවාදැයි පහළ Events For the Selected Month යටතේ විස්තරයක් පෙන්වයි.
සැප්තැම්බර් 21 පැවැත්වූ CAP (Catch All Points) - 01 පළමු පන්තිය ලබා ගැනීමට අවශ්‍ය නම් මෙහි වසර 2023 ලෙසත් මාසය සැප්තැම්බර් ලෙසත් ලබා දෙන්න. එවිට අ ර් ධ පන්ති ගාස්තු (රු 1500) යටතේ ඔබට CAP - 01 පන්තිය හා අදාළ නිබන්ධන PDF ලෙස ලබා ගත හැකිය.
ඔක්තෝබර් මස සිට සම්බන්ධ වීමට නම් මෙහි වසර 2023 ලෙසත් මාසය ඔක්තෝබර් ලෙසත් ලබා දෙන්න.
ඔබ තෝරාගන්නා මාසයට පන්ති ගාස්තු ගෙවා එම පාඩම් සක්‍රීය කරගත හැකියි. පාඩම් හා සම්බන්ධ වන ආකාරය ඉදිරියේ විස්තර කර ඇත. - තෝරාගත් පංතිය හා මුදල් ගෙවන මාසය(සහ අවුරුද්ද) නිවැරදි නම් ADD TO CART තෝරාගන්න.
-
ඔබ ගාස්තු ගෙවන්නේ තෝරාගත් පංතියේ එම මාසයට පමණක් නම්
PROCEED TO PAY
තෝරාගන්න.
එම පන්තියේම තවත් මාසයක් සඳහා හෝ වෙනත් පංතියක් සඳහා ද එකවර මුදල් ගෙවීමට අවශ්‍ය නම් ADD ANOTHER CLASS තෝරාගෙන පෙර පරිදි Search කර අවශ්‍ය පන්තිය හා මාසය නැවත තෝරාගන්න. මෙලෙස Cart එකට නැවත නැවත එකතු කරගනිමින් ඔබට පන්ති කිහිපයක් හෝ මාස කිහිපයක් සඳහා එකවර මුදල් ගෙවිය හැකියි. -
ඔබගේ මුදල් ගෙවීමේ ක්‍රමය පහතින් තෝරාගන්න
Pay By Visa Master Card
- සැසිප් වෙබ් අඩවිය හරහා ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් මගින් පන්ති ගාස්තු ගෙවන ආකාරය
- (Visa/Master) Credit Card / Debit Card තෝරාගැනීමට පෙර ප්‍රමාණවත් මුදල් කාඩ් එකෙහි ඇති බවට තහවුරු කරගන්න. මෙම ගනුදෙනුව අතරතුර බැංකුව පාර්ශවයෙන් sms (OTP) එකක් ලැබෙන බැවින් බැංකුව වෙත ලබාදී ඇති මොබයිල් අංකය සහිත phone එක ඔබට අවශ්‍ය වේ. නැතහොත් මුදල් ගෙවීම සාර්ථකව අවසන් කල නොහැකියි.
- PLACE THE ORDER තෝරාගන්න.
- කාඩ් විස්තර ලබාදිය යුතු පිටුව load වන තුරු මදක් රැඳී සිටින්න. ඇතැම් විට තරමක වේලාවක් ගතවිය හැකියි. ඔබ ආපසු (back) ගියහොත් මුදල් ගෙවීම අසාර්ථක වේ. වෙනත් දෝෂයක් හෝ දිගු වේලාවක් ගතවේ නම් නැවත වතාවක් මුල සිට උත්සාහ කරන්න. මුදල් ගෙවීම දිගින් දිගටම අසාර්ථක වේ නම් (SASIP Online Team) 0713 601 329 ට Whatsapp පණිවිඩයක් මගින් ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න.
- මෙම පිටුව load වූ පසු කෙටි කාලයක් තුල ක්‍රෙඩිට් කාඩ් විස්තර නිවැරදිව ලබාදෙන්න. Card Center වෙත ලබාදී ඇති මොබයිල් අංකයට ලැබෙන OTP අංකය enter කරන්න.
-
මුදල් ගෙවීම සාර්ථක නම් මෙම පිටුව දිස්වේ. දැන් ඔබට අදාල පන්ති සඳහා
සහභාගී විය හැකියි. පන්ති සඳහා සහභාගී වන ආකාරය ඉදිරියේ විස්තර කරනු
ඇත.
ඔන්ලයින් මුදල් ගෙවීම සාර්ථක වීමට සුලු වේලාවක් ගතවෙන අතර මෙම පින්තූරයේ පෙනෙන පිටුව දිස්වන තෙක් ආපසු (Back) යාමෙන් වලකින්න. එසේ කිරීමෙන් අවසාන මොහොතේ ඔබගේ ගනුදෙනුව අසාර්ථක විය හැකියි. දිගු වේලාවක් ගතවේ නම් හෝ ඔබගේ ගිණුමෙන් මුදල් අඩුවී අදාල පන්ති සක්‍රීය වී නොමැති නම් (SASIP Online Team) 0713 601 329 ට Whatsapp පණිවිඩයක් එවන්න.
Pay by HNB SOLO
- SOLO හරහා මුදල් ගෙවීමට නම් ඔබට SOLO එකවුන්ට් එකක් තිබිය යුතුයි. සෝලෝ එකවුන්ට් එකක් සාදාගන්නා ආකාරය සඳහා ඉහත වීඩියෝව නරඹන්න.
- දැනටමත් ඔබට SOLO එකවුන්ට් එකක් ඇත්නම් මෙහි පෙන්වන පරිදි මුදල් ගෙවීමේ ක්‍රම අතුරින් Pay by HNB SOLO තෝරාගන්න.
- PLACE THE ORDER තෝරාගන්න.
- ඉන්පසුව ලැබෙන මෙම පිටුවේ සෝලෝ සඳහා ලබාදී ඇති මොබයිල් අංකය, පාස්වර්ඩ් ලබාදී Log In ක්ලික් කරන්න.
-
ඉන්පසුව ලැබෙන මෙම පිටුවෙහි ඇති Next මත ක්ලික් කරන්න.
තහවුරු කිරීම සඳහා Confirm මත ක්ලික් කරන්න. - SOLO සඳහා ඔබ ලබාදී ඇති ඉලක්කම් 4 ක PIN අංකය නිවැරදිව ටයිප් කර Next මත ක්ලික් කරන්න.
-
ගනුදෙනුව සා ර් ථ ක වීම සඳහා සුලු වේලාවක් ගතවිය හැකියි. Payment
Successful ලෙස තිරයේ දිස්වූ පසු එම පිටුවෙන් ඉවත් වන්න එපා. සැසිප්
වෙබ් අඩවියේ Transaction Successful. Go to My Wall ලෙස දිස්වන තුරු
රැඳී සිටින්න. ඊට පෙර එම පිටුවෙන් ඉවත් වුවහොත් ගනුදෙනුව අසාර්ථක වේ.
විනාඩි 2 කට වඩා වැඩි කාලයක් ගතවන තුරුද Transaction Successful ලෙස
නොපෙන්වයි නම් නැවත මුල සිට උත්සාහ කරන්න. ඔබේ බැංකු ගිණුමෙන් මුදල්
අඩු වී, නමුත් පන්ති සක්‍රීය වීම අ සා ර් ථ ක වූයේ නම්
(SASIP Online Team) 0713 601 329 ට ඔබේ ගැටලුව Whatsapp කරන්න. -
SOLO සම්බන්ධයෙන් තියෙන ගැටළු කියන්න. HNB SOLO Team එකට උදේ 8 සවස 5
අතර මේ අංක වලට
- 0701 810 553
- 0701 810 552
- 0114 523 523 කථා කරන්න.
Bank Transfer Deposit
- Bank Transfer / Deposit ක්‍රමය තෝරාගන්න.
- PLACE THE ORDER තෝරාගන්න.
-
මිලඟ පිටුවෙහි ඇති ඔඩර් අංකය පැහැදිලිව සටහන් කරගන්න හෝ Screenshot
එකක් ලබා ගන්න. එම පිටුවෙහිම පහළ දිස්වන Sampath බැංකු ගිණුම්
විස්තරද නිවැරදිව සටහන් කරගෙන අදාළ මුදල Online හෝ ATM/CDM
යන්ත්‍රයකින් තැනපත් කර ලැබෙන රිසිට්පතෙහි Order Number එක සටහන්
කරන්න.
සැ.යු Online මුදල් Transfer කිරීමේදි Description / Remark /Beneficiary Remak හි Order අංකය සටහන් කිරීම අනිවාර්යය වේ. එය අවසානයේ ලැබෙන E - රි සිට්පතෙහි සඳහන් විය යුතු වේ
මුදල්ගෙවු රිසිට්පත් එවීම හා වෙබ් අඩවිය හරහා ගැටලු එවීම
My Request
My Request
- LOG IN (ලියාපදිංචි වූ අය) තෝරාගන්න.
- ලියාපදිංචි වූ මොබයිල් අංකය සහ Password එක ලබාදී Log In වන්න.
- උඩ දකුණු පස කෙටි ඉරි කිහිපයකින් දක්වා ඇති මෙනු (Menu) එක තෝරාගන්න.
- Menu එකෙන් My Requests තෝරාගන්න.
- Issue Type ඇති තැන කොටුව ක්ලික් (click) කරන්න.
-
ලැබෙන Menu එකෙන් මුදල් ගෙවූ රිසිට්පත්/screenshots එවීම තෝරාගන්න.
මුදල් ගෙවූ රිසිට්පත් එවීම සේම ඔබට ඇති වෙනත් ගැටලු මෙහි ඇති තෝරාගැනීම් යටතේ ඔබට අප වෙත එවිය හැකියි. - Description එකෙහි ඕඩර් අංකය සටහන් කරන්න.
- මෙහි ඇති choose file ක්ලික් කරන්න.
- ෆෝන් එකෙහි කැමරාව හෝ File තෝරාගෙන රිසිට්පතෙහි පින්තූරය upload කරන්න.
- දැන් SUBMIT කරන්න.
- SUBMIT කිරීම සාර්ථක නම් මේ ආකාරයට දිස්වේ. එසේ නොමැති නම් නැවත උත්සාහ කරන්න.
- ඔබ අප වෙත යොමු කළ ගැටලුවලට පිළිතුරු වෙබ් අඩවිය හරහා ම ඔබට නැවත දැනුම් දෙනු ලබන අතර ඔබ නැවත අවස්ථාවක ලොග් වූ පසු අපෙන් ඔබට පණිවිඩයක් ඇත්නම් එය මෙම ඉහත රූපයේ ආකාරයට දිස්වේ. ඒ මත ක්ලික් කිරීමෙන් ඔබ වෙත එවා ඇති පණිවිඩය බලාගත හැක.
- අපෙන් ඔබ වෙත එවා ඇති පණිවිඩ බලාගැනීමට ප්‍රධාන මෙනුවෙහි My Requests තෝරාගන්න. එම පිටුවෙහි පහළට ගිය විට අදාල Reply බලාගත හැකියි.
වීඩියෝ පාඩම් නැරඹීම
- LOG IN (ලියාපදිංචි වූ අය) තෝරාගන්න.
- ලියාපදිංචි වූ මොබයිල් අංකය සහ Password එක ලබාදී Log In වන්න.
- ඉන්පසු ලැබෙන පිටුවේ මදක් පහළට යන විට ගුරුවරුන්ගේ පින්තූර දැකගත හැකියි. ඔබට අවශ්‍ය පන්තියට අදාල ගුරුවරයාගේ පින්තූරය මත ක්ලික් කරන්න.
- මුදල් ගෙවූ පාඨමාලා සෙවීම යටතේ පළමුව අවශ්‍ය පන්තිය තෝරාගන්න. ඉන්පසු මුදල් ගෙවූ වර්ෂය හා මාසය තෝරාගන්න. මෙහි වර්ෂය යනු ඔබ මුදල් ගෙවූ මාසයට අදාල වර්ෂයයි. දැන් SEARCH මත ක්ලික් කරන්න.
- SEARCH කල පසු එම මාසය සඳහා මේ වන තෙක් upload කර ඇති පාඩම් දිස්වේ. පළමු සතියේ සිට එක් එක් සතියට අදාලව මෙම පාඩම් එකතු කර ඇති අතර පළමු සතියේ (1st week) සිට පිළිවෙලින් අදාල පාඩම් අවසන් කරන්න. එක් සතියකට අදාලව ඇති කොටස් 1,2,3... පිළිවෙලින් එකතු කර ඇත.
- එම මාසය හෝ සතිය සඳහා ටියුට්, papers ඇත්නම් මේ ආකාරයට දිස්වේ. ඒ මත ක්ලික් කිරීමෙන් එම ටියුට් බලාගැනීමට හා download කරගැනීමට අවස්ථාව ඇත.
- ලබාදී ඇති වීඩියෝ පාඩම් මේ ආකාරයෙන් දිස්වේ. ඒ මත ක්ලික් කිරීමෙන් එම වීඩියෝ පාඩම් හා සම්බන්ධ විය හැකියි.
- මෙහි පෙන්වන ආකාරයට Video Player එක මත ක්ලික් කිරීමෙන් වීඩියෝ පාඩම Play කිරීම ආරම්භ කල හැකියි. පාඩමේ අගටම එකවර යාමෙන් වලකින්න. එමගින් ඔබගේ අවස්ථාවක් අහිමි වනු ඇත. නමුත් ඔබට පාඩම බලන අතරතුර pause කිරීමට හෝ පසුවූ කොටසක් අවශ්‍ය තැනක සිට නැවත බැලීමට (Rewind) හැකියාව ඇත. පාඩම් බලන අතරතුර වාරයේදී ඔබ සිටින පිටුවෙන් ආපසු(Back) යාමෙන් වලකින්න. වීඩියෝ පාඩම අවසන් වීමට පෙර අතරමගදී close කිරීමෙන් එක් අවස්ථාවක් අහිමි වේ.
- සාධාරණ හේතුවක් මත වීඩියෝ පාඩම් බැලීමේදී ගැටලු ඇතිවුවහොත් ප්‍රධාන මෙනුවෙහි My Requests හි වීඩියෝ පාඩම් සඳහා නැවත අවස්ථාවක් ලබාගැනීම යටතේ ඉල්ලීම් කරන්න.
- වීඩියෝ පාඩමක් සඳහා නැවත අවස්ථාවක් ලබාගැනීමට පළමුව වෙබ් අඩවියේ ඉහළ දකුණුපස කෙටි ඉරි කිහිපය මත ක්ලික් කරන්න.
- ලැබෙන Menu එකෙන් My Request තෝරාගන්න.
- Select the relevant issue මත ක්ලික් කරන්න.
- ලැබෙන Menu එකෙන් වීඩියෝ පාඩමක් සඳහා නැවත අවස්ථාවක් ලැබීම තෝරාගන්න.
- Lesson කොටුවෙහි පහළට ඇති ඊතලය මත ක්ලික් කරන්න.
- ලැබෙන list එකෙන් ඔබට අවශ්‍ය lesson එක තෝරාගන්න.
- Episode කොටුවෙහි පහළට ඇති ඊතලය මත ක්ලික් කරන්න.
- ලැබෙන list එකෙන් ඔබට අවශ්‍ය lesson එක තෝරාගන්න.
- Reason එක (හේතුව) තෝරාගෙන SUBMIT මත ක්ලික් කරන්න.
- SUBMIT කිරීම සාර්ථක නම් මේ ආකාරයට දිස්වේ. එසේ නොමැති නම් නැවත උත්සාහ කරන්න.
- වීඩියෝ පාඩම සක්‍රීය කිරීම පිළිබඳව වෙබ් අඩවිය හරහා ම ඔබට නැවත දැනුම් දෙනු ලබන අතර ඔබ නැවත අවස්ථාවක ලොග් වූ පසු අපෙන් ඔබට පණිවිඩයක් ඇත්නම් එය මෙම ඉහත රූපයේ ආකාරයට දිස්වේ. ඒ මත ක්ලික් කිරීමෙන් ඔබ වෙත එවා ඇති පණිවිඩය බලාගත හැක.
- එසේ නොමැතිනම් ඔබ වෙත එවා ඇති Reply බලාගැනීමට ඉහළ දකුණු පස කෙටි ඉරි කිහිපය මත ක්ලික් කරන්න.
- මෙහි ප්‍රධාන මෙනුවෙන් My Requests තෝරාගන්න. එම පිටුවෙහි පහළට යන විට අප එවා ඇති Reply බලාගත හැක.